ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,290 කින් පහළ දැමූ බව ලාෆ් ගෑස් සමාගම පවසයි.
එම නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ඒ අනුව රුපියල් 5,280 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,990 කි.
රුපියල් 2,112 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 516 කින් අඩු කිරීමත් සමඟ නව මිල රුපියල් 1,596 ක් බවට පත්වූ බවත් එම සමාගම කියයි.