රනිල්ගේ වැඩපිළිවෙළ ඇස් පනාපිට සාර්ථක වෙලා..! අපිත් වහාම එහි කොටස්කරුවන් විය යුතුයි..! – රාජිත…

April 4, 2023 at 9:18 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ සහ සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ අතර කිසිදු වෙනසක් නොමැති බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

එජාප – සජබ පක්ෂ දෙක අතර ප්‍රතිපත්තිමය වෙනසක් නොමැති හෙයින් ජනාධිපතිවරයා මේ මොහොතේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙළට එකඟ වීමට සිදුව ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එසේ ම රනිල් වික්‍රමසිංහ රට භාරගත් පසුව රටේ විශාල ධනාත්මක වෙනසක් ඇස් පනාපිට පෙනෙන්නට ඇති බවත් රටේ ජනතාව තුළ ද වර්තමාන ජනාධිපතිවරයා කෙරෙහි විශාල පැහැදීමක් ඇතිව තිබෙන බවත් සේනාරත්න සඳහන් කළේය.

එහෙයින් එජාප – සජබ පක්ෂ දෙක සාකච්ඡා කර, එක්ව ඉදිරියට ගමන් කරන ආකාරයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *