රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට ජනවරමක් නැති ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීම වැරදි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
එවැනි ආණ්ඩුවකට උදව් කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික වශයෙන් වැරැද්දක් කළ බව ද ඔහු පෙන්වා දුන්නේය.
උදව් කරන්නේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව සහිත ජනවරමක් සහිත ආණ්ඩුවකට බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශ කළ බව පැවසූ මන්ත්‍රීවරයා, ඒ අනුව ආණ්ඩුව මැතිවරණයක් පවත්වා නව ජනවරමක් ලබා ගැනීමට කටයුතු කරාවි යැයි රටම බලාපොරොත්තු වූ බව ද සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව ජනවරමක් නොමැතිව රාජ්‍ය ආයතන විකිණීමෙන් සේවකයන් අතර නොසන්සුන්තා ඇති වී රට ලේ විලක් බවට පත්විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.