පාස්කු බෝම්බකරුගේ බිරිඳ පුලස්තිනී RAW එකෙන් ඉස්සුවා ද…? නවතම DNA වාර්තාව සියල්ල හෙළි කරයි…!

March 30, 2023 at 7:54 am | by emanisa.lk

සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් සාරා ජස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් මියගොස් ඇති බවට විද්‍යාත්මකව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සාරා ජස්මින් මිය ගියේ 2019 අප්‍රේල් 26 වන දා, සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක් තුළ රැඳී සිටියදී මරාගෙන මැරෙන බෝබ්බයක් පුපුරුවා හැරීම හේතුවෙනි.

බෝම්බයෙන් මිය ගිය තැනැත්තන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදුකරන්නට විය. එමෙන් ම මියගිය පුද්ගලයන් හඳුනාගැනීම සඳහා අධිකරණ නියෝග මත විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරින්වරුන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ගේ ද සහභාගිත්වයෙන් මෙම විමර්ශන සිදුකෙරිණි.

ඒ සඳහා තුන්වන වරටත් ලබාගන්නා ලද සියුම් සාම්පල සම්බන්ධව සිදුකරන ලද DNA පරික්ෂාවේදී එම මිය ගිය තැනැත්තන් අතර සාරා ජස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් ද සිටින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් තහවුරු වී ඇත.

සාරා ජස්මින් යන අයගේ මවගෙන් ලබා ගන්නා ලද DNA සාම්පල සමග අපරාධ ස්ථානයෙන් සොයා ගන්නා ලද අස්ථි කොටස් කිහිපයක DNA සාම්පල මවක සහ දරුවෙකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිඵලයක් බවත් ඒ අනුව එම අස්ථි සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවිඳා වීමට ඇති සම්භාවිතාව 99.9999%ක් බව තහවුරු වී ඇති බව ත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එම වාර්තාවට අනුව 2019.04.26 වන දින සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂිත නිවස තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සාරා ජස්මින් මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි පොලිස් මූලස්ථානය අවධාරණය කරයි. මේ සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙයට පෙර වාර්තා වූයේ ඉන්දියානු රහස් ඔත්තු සේවාවේ නියෝජිතවරියක වූ සාරා ජස්මින් සයින්දමරදු ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවට පළා ගොස් ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *