හම්බන්තොටට නව තෙල් පිරිපහදුවක්..! දෙස් විදෙස් සමාගම් 07ක් සූදානම්…!

March 28, 2023 at 1:47 pm | by emanisa.lk

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා අභිලාෂය පළකිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය වූ ඊයේ (27) දිනය වන විට සමාගම් 07ක් ඒ සඳහා අයදුම්කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පවසා ඇත.

එලෙස යෝජනා ඉදිරිපත් කළ සමාගම් අතරට චීනය, මැලේසියාව, සිංගප්පුරුව, ඉරානය යන රටවලට අයත් සමාගම් 05ක්ද, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ඒකාබද්ධ සමාගමක් සහ මෙරට සමාගමක් අයත් බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව තාක්ෂණික කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව එම යෝජනා ඇගයීමට ලක්කර සුදුසු අයදුම්කරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *