සජිත්ගේ ඉංගිරිසි සුද්දෝ තේරුම් ගන්නෙත් ඩික්ෂනරිය බලලා…! – ටිල්වින්…

March 28, 2023 at 12:04 pm | by emanisa.lk

සජිත්ගේ ඉංග්‍රිසි සුද්දන්ටත් තේරෙන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මේ නිසා සජිත් මොනා ද කියන්නේ බලන්න සුද්දෝ ඩික්ෂනරිය පෙරළනවා යැයිද හෙතෙම කීවේය.

“සජිත්ගේ ඉංග්‍රිසි සුද්දන්ට තෙරෙන්නේ නැහැ. උන් ඩික්ෂනරිය පෙරලනවා මොනවද මේ කියන්නේ කියලා බලන්න.

මම අහගෙන සජිත් මහත්තයා කියනවා මාලිමාවට ඡන්දය දෙන්න බැහැ වැඩක් නැහැ. මොකද ඒ ගොල්ලන්ට ජාත්‍යන්තර සබඳකම් නැහැ. එයාට ඡන්දය දෙන්නලු එයාට පුළුවන්ලු ඉංග්‍රිසියෙන් කතා කරලා ආධාරයක් ඉල්ලා ගන්න.

සජිත් ප්‍රේමදාස මහත්තයා රට හදන්න එන්නේ සුද්දන්ට ඉංග්‍රිසියෙන් කතා කරලා. සුද්දන්ගෙන් ආධාරයක් ඉල්ල ගෙනයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *