ඉස්සර නම් IMF යන්න මමත් විරුද්ධයි…! – ජගත් කුමාර…

March 27, 2023 at 4:07 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමෙන් සියලු ප්‍රශ්න නොවිසඳෙන අතර එය කෝකටත් තෛලය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

එහෙත් IMF ආධාර ලැබී රටේ බංකොලොත් ලේබලය ගැලවී යාමත් සමග විදෙස් රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල ආධාර සහ ආයෝජන බිලියන 6-7ක් ලැබී රුපියල ශක්තිමත්ව බඩු මිල පහත වැටී ජනතාවට සහන ලැබෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

බදු බර සහ විදුලි බිල නැංවෙන නිසා IMF වෙත යාමට මුල දී තමන් ද එරෙහි වුව ද මේ වන විට අඛණ්ඩ විදුලි සැපයුමක් මෙන් ම ජනතාවට තුන්වේල කෑමට හැකි පරිසරයක් නිර්මාණය වී ඇති හෙයින් තිත්ත බෙහෙත් බීමේ වරදක් නැතැයි ද ජගත් කුමාර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *