ඉන්දියාවෙන් ණයක් ගෙවා ණයක් ඉල්ලයි…!

March 26, 2023 at 8:27 am | by emanisa.lk

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ගගත වැඩමුළුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසුවේය.

එම ණය මුදල ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ණය මුදලේ වටිනාකම තවම තීරණය කර නැතත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන එකකට ආසන්න වනු ඇති බවත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දී ඇත.

එම මුදල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ කටයුතු සඳහා යොදා ගනු ඇතැයි කුමාරස්වාමි එහිදී සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *