කුරුණෑගල දේශපාලනේ පාතාලකරණය කළේ මහින්ද….!

March 23, 2023 at 3:53 pm | by emanisa.lk

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනය පාතාලකරණය, පාදඩකරණය සහ මදාවිකරණයට ගෙනයාමට උදව් කලේ හම්බන්තොටින් එහි පැමිණි නායකයන් බව නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

ඔහු පවසන්නේ දැන් එවැනි දේ නිසා එම දිස්ත්‍රික්කයේ ජනතාවට මෙන්ම මුළු රටටම දේශපාලනය එපා වී ඇති බවය.

2015 සිට මේ දක්වා රටේ සිදුවෙමින් පවතින්නේ දේශපාලන සුලිසුලගක් බවත්, එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්න මැද පංතියේ ජනතාවත්, 2019 ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් වෘත්තීය පන්තිය මෙන්ම 2022 දී ඔහු එලවන්නට ආ තරුණ පන්තියත් පෙන්නුම් කරන්නේ දේශපාලන දිය සුලියේ තත්ත්වය බව ද හෙතෙම පැවසීය.

මේ රට අලුත් දේශපාලනයක් ඉල්ලමින් සිටින බවත්, එය රනිල් වික්‍රමසිංහගේ අන්ත දක්ෂිණාංශික දේශපාලනය හෝ රාජපක්ෂවරුන්ගේ පවුල්වාදී දේශපාලනය හෝ වෙනත් අය ඉදිරිපත් කරන රොමෑන්තික විප්ලවවාදය හෝ නොවන බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ ය.

ඔහු මේ බව පැවසුවේ පොල්ගහවෙල ආසනයේ දී පැවති ජන රැලියක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *