රටේ හොරකම උච්චතම අවස්ථාවට පැමිණියේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.
තමා හොරකමට එරෙහිව දැඩිව කටයුතු කළ බව සඳහන් කළ හිටපු ජනාධිපතිනිය, තමා අගමැති ධූරය දැරූ කාලයේ හොරකමක් ඇල්ලීම වැළැක්වීම සඳහා තමන්ට ඩොලර් මිලියන 05ක අල්ලස් ලබා දීමට උත්සාහ කළ බවත් අනාවරණය කළාය.
ඒ සඳහා විදේශිකයෙකු සමග පැමිණියේ සිය ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති ධූරයක් දැරූ තැනැත්තියකගේ සැමියා බව ද ඇය හෙළි කළාය.
ඊළඟ තරුණ අරගලය එන්නේ බෙලි කපා ගෙන ලේ හලා ගෙන බවත් ඊට පෙර තමා අරගලයක් කළ හොරුන්ගේ බෙලි කපා දමන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක අවධාරණය කළාය. තමන්ට බුදු වන්නට හෝ රහත් වන්නට අදහසක් නොමැති බව ද ඇය වැඩි දුරටත් කීවාය.