උද්ඝෝෂණ විරෝධතා මඩින්න පොලිසිය සූදානම්..! කැරලි මර්දන උපකරණ තොග පිටින් කොළඹට…!

March 16, 2023 at 10:15 am | by emanisa.lk

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා කැරලි මර්දන උපකරණ ලබා දෙන ලෙසට ඉල්ලා පොලිස් මුලස්ථානය දිවයිනේ පොලිස් කොට්ඨාස 12 ක් වෙත විශේෂ දැනුම්දීමක් කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්තගේ අත්සනින් යුතු මෙම ලිපිය පොලිස් කොට්ඨාස වෙත යොමු කළ බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. ගෑස් මුහුණු ආවරණ, කැරලි පලිහ, ආරක්ෂක හිස් වැසුම්, රබර් මුගුරු ආදිය මෙලෙස ඉල්ලා තිබේ.

අනුරාධපුරය, මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල, මාතලේ, පොළොන්නරුව, තංගල්ල, මහනුවර, කන්තලේ, නුවරඑළිය, පුත්තලම, තිරිකුණාමලය යන පොලිස් කොට්ඨාසවලින් මෙම ඉල්ලීම කර ඇතැයි ද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *