අල්ලස් ගත් පොහොට්ටු සභාපතිට තනතුරු අහිමි වෙයි….!

March 15, 2023 at 11:57 am | by emanisa.lk

ගොඩනැගිලි සැලසුමක් අනුමත කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 20ක් අල්ලස් ගැනීමට යාමේදී අත් අඩංගුවට පත් මානවැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම සභාපති ධුරයෙන් හා මන්ත්‍රී ධුරයෙන් ඉවත්කර තිබේ.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශ්‍රාම ලත් අධිකරණ නිලධාරියාගේ විමර්ශන වාර්තාව අනුව එම සභාපතිවරයා සියලු චෝදනාවලට වැරදිකරු වී ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී නොයෙල් දසන්ත ස්ටීවන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය ජනවාරි 13 වනදා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *