ජනතාව කබලෙන් ළිපට දාන වර්ජනවලට අපි නෑ…! GMOAලා කළ අපරාධවලට තව බදු ගහන්න ඕන..! – රජය වෛද්‍ය නිලධාරින්ගේ සංසදය

March 15, 2023 at 8:02 am | by emanisa.lk

අද (15) පැවැත්වෙන වැඩ වර්ජනයට රජය වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සහභාගී නොවන බවත් ජනතාව කබලෙන් ළිපට ඇද දාන මෙම වැඩවර්ජනය හෙළා දකින බවත් එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

රටේ ආර්ථික අර්බුදයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ඇතැම් ප්‍රධානීන් වගකිව යුතු බවත් අද ඒ අය සමග එකතුවී වැඩ වර්ජනවලට යෑම තනිකරම විහිළුවක් බවත් හෙතෙම පැවසුවේය.

මෙම වැඩවර්ජනය පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානීන්ගේ සෙවණැලි ක්‍රියාත්මක වන බව ද වෛද්‍ය බෙල්ලන පැවසීය.

හරිනම් කරපු වින්නැහියට ඒ අයගෙන් වැඩි බදු අය කළ යුතු බව පැවසූ සභාපතිවරයා, ජනතාව පීඩාවට පත් කරන වැඩ වර්ජන ක්‍රියා මාර්ගයෙන් ඉවත් වන්නැයි සියලු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *