ආණ්ඩුව සිය කටයුතු පවත්වා ගෙන යන්නේ ජනතාවගෙන් එකතු කර ගන්නා ඍජු සහ වක්‍ර බදු මුදලින් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
සිය හඬ ආණ්ඩුවට ඇසෙන්නේ නැත්නම් සාමුහිකව බදු ගෙවීම නවතා දැමිය යුතු බවයි, ඔහු පෙන්වා දුන්නේ.
එවිට ආණ්ඩුවට තමන් ළඟ දණ ගසා තම හඬට ඇහුන්කම් දීමට සිදුවන බව ද හිටපු ඇමැතිවරයා අවධාරණය කළේය.