දරුවෙක්ගේ උප්පැන්නය ලියාපදිංචි කිරීමේදී මව්පියන් විවාහක ද කියන කාරණය ඉතා ම ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
මවකට සමාජයේ තනිව ජීවත්වීමේ හැකියාව තිබිය යුතු මෙන්ම එය කිසිම අපහසයකට කාරණයක් නොවිය යුතු බව ද ඇය අවධාරණය කළාය.
දරුවෙක් හදාවඩා ගැනීමට අපහසු තත්ත්වයක් ඇත්නම් ඒ දරුවා හදාගැනීමට සූදානම් බව කී අමාත්‍යවරිය, අහලා පහළ දරුවෙක්ට කිසියම් විපතක් වෙන්න යනවා යැයි ඉඟියක් හෝ තිබේ නම් ඔවුන්ට දරුවා හදාගැනීමට අමාරු නම් 1929 දුරකථනයට ඇමතුමක් දියයුතු බව ද සඳහන් කළාය.
සෑම කාන්තාවක් මෙම දුරකථන අංකය ළග තබාගත යුතු බවත් ගබ්සා කරන එක හොඳ දෙයක් යැයි පෞද්ගලිකව විශ්වාස නොකරන බවත් ඇය කීවාය.