සෑම වසර 3කට වරක් 25%ක වැටුප් වර්ධකයක්, වාර්ෂික බෝනස්, දීමනා සහ අනෙකුත් ප්රතිලාභ සඳහා ලංවිම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති සමඟ ඇතිකරගත් සාමූහික ගිවිසුම් පවත්වාගෙන යාම හෝ අලුත් කිරීම සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අදාළ ගිවිසුමෙන් ඉවත් වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ඇමැතිවරයා සිය අමාත්‍යංශ ලේකම්ට උපදෙස් දී ඇත.