රජය කාන්තා දිනය සමරන්නට යන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ප්‍රශ්න අසන විට ස්ත්‍රී නිමිත්ත ගැන කියා පිළිතුරු දෙමින් යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න පවසයි.
පාර්ලිමේන්තුවේදී ඊයේ (07) මන්ත්‍රීවරිය මෙම චෝදනා කළා ය.
ඇය එම චෝදනාව කළේ පසුගිය දිනෙක ඇති වූ සංවාදයක දී තමා කළ ප්‍රකාශයකින් සමගි ජන බලවේගයේ රෝහිණි කුමාරි විජේරත්නගේ සිත් රිදීමක් සිදුවූයේ නම් තමා කනගාටුව පළ කරන බවත් එය මන්ත්‍රීවරිය ඉලක්ක කොට සිදු කළ ප්‍රකාශයක් නොවන බවත් සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසීමෙන් පසුව ය.
මෙහිදි අදහස් දැක්වූ රෝහිණි කුමාරි විජේරත්න මෙසේ පැවසුවා ය.
“මම අද මේ ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන්න හිටියා. නමුත් අද ඒක අයින් කරලා. මෙතුමා ප්‍රකාශයක් කරන්න හිටපු නිසා තමයි මේක අයින් කළේ. මම දැන් අහන්නේ මේකයි සභානායක අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කියන මනුස්සයා කරපු කතාව කතානායක තුමා මේ සභාව පිළිගන්නව ද? ඒක හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරනව ද? එවැනි වචන පාර්ලිමේන්තුවේ පාවිච්චි කළාට කමක් නැද්ද? මොකද හෙට කාන්තා දිනය. ඔබතුමාලා ඒ කාන්තා දිනය සමරන්න යනවා. කාන්තාවක් කතා කරන කොට ස්ත්‍රී නිමිත්තක් ඇදලා මල ද මල් ද කියනවා.
මෙතුමා ආචාර්ය උපාධිය කළේ ඒ නිමිත්ත ගැන ද දන්නේ නෑ. මේ වචනය සෝරත හිමියන්ගේ සුමංගල ශබ්දකෝෂයේත් තියෙනවා. නමුත් මම ඒක කියන්න යන්නෑ. පාර්ලිමේන්තුව ඇතුළේ කාන්තාවක් කතා කරන විට දී එයාගේ ස්ත්‍රී නිමිත්ත පිළිබඳව කතා කරනවා. මොකක් ද මේ හැදියාව?”