ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තමන් මැතිවරණයකට ඉතා ම කැමති බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
කෙසේ වුව ද මේ අවස්ථාවේ මැතිවරණයක් පවත්වා රට හමුවේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය හැකි ද යන ගැටලුව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.
මේ අවස්ථාවේ බොහෝ දෙනෙකු ඡන්දය පාවිච්චි කිරීමට සූදානම් වන්නේ වෛරයෙන් කෝපයෙන් පළිගැනීමේ චේතනාවෙන් මිස අනාගත ප්‍රතිපත්තියක් දැක නොවන බවයි, දුමින්ද දිසානායක අවධාරණය කළේ.