ඡන්දයක් ඉල්ලන්නේ වෛරයක් පිරිමහන්න..!

March 5, 2023 at 2:23 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තමන් මැතිවරණයකට ඉතා ම කැමති බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

කෙසේ වුව ද මේ අවස්ථාවේ මැතිවරණයක් පවත්වා රට හමුවේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය හැකි ද යන ගැටලුව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

මේ අවස්ථාවේ බොහෝ දෙනෙකු ඡන්දය පාවිච්චි කිරීමට සූදානම් වන්නේ වෛරයෙන් කෝපයෙන් පළිගැනීමේ චේතනාවෙන් මිස අනාගත ප්‍රතිපත්තියක් දැක නොවන බවයි, දුමින්ද දිසානායක අවධාරණය කළේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *