පසුගිය ආණ්ඩුව සමයේ අනුර කුමාර දිසානායකට දූෂණ මැඬලීමේ කාර්යාංශයේ සභාපතිකම භාර දුන්න ද කිසිවක් නොකර ඔහු පලා ගිය බව සුජීව සේනසිංහ පවසයි.
”අනුර කුමාර මහත්තයා මේ දවස්වල කියනවා එතුමාට මේ රට භාර දුන්නොත් රට දියුණු කරනවාලු, දූෂණය නවත්වනවාලු. මම උදාහරණ දෙකක් දෙන්නම්. ගිය අපේ ආණ්ඩුවේ එතුමා භාර ගන්නවා දූෂණ මැඬලීමේ කාර්යාංශයේ සභාපතිකම මෙතුමාට භාර දෙනවා.
මේකෙ අනුර කුමාරට භාර දෙනවා දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරලා හොරකම් කරපු මිනිස්සු අල්ලා අධිකරණයට ගෙනියන්න සියලු බලතල. පොලිසියට කතා කරන්න අධිකරණවලට ඉදිරිපත් කරන්න සියල්ල එතුමාට භාර දීලා තියෙද්දී ඒ කිසිම දෙයක් නොකර එතුමා පලා යනවා.”
ඒ වගේම තමයි චන්ද්‍රිකාත් එක්ක ගත්තු ආණ්ඩුවෙ වැව් දාහක් හදනවා කියලා කිසිම දෙයක් නොකර පලා ගියා.”
ඔහු මේ බවපැවසුවේ පසුගිය (01) ගොඩකවෙල පැවැති ජනහමුවක් අමතමිනි.