ශ්‍රීලනිප ලේකම් ධූරයෙන් මා එළවන්න කුමන්ත්‍රණයක්..! – දයාසිරි….

February 26, 2023 at 10:12 am | by emanisa.lk

ශ්‍රීලනිපයෙන් ඉවත්ව ගිය පිරිස් තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින නමුත් තමන් ඒවා තඹ සතයකට මායිම් නොකරන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

එහි දී පළමු යෝජනාව ලෙස තමන් පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කළ යුතුය යන යෝජනාව මෙම පිරිස විසින් පක්ෂයට ඉදිරිපත් කර තිබේ. එහෙත් මෙම පිරිස විනය හේතු මත පක්ෂයෙන් දැනටමත් ඉවත් කරන ලද කණ්ඩායමක් බව ද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඔවුන් පක්ෂයට පැමි‍ණෙන්නේ තමන් මහලේකම් ධුරයෙන් ඉවත් කළහොත් පමණක් බව දැනටමත් කියා ඇත. එහෙත් මෙම පිරිස් නැවතත් පක්ෂයට පැමිණෙන්නේ පක්ෂයේ අභිවෘද්ධිය සැලසීමට නොව පක්ෂය විනාශ කිරීමට බව ද ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *