ඡන්දය කල් දාලා ඉවරයි…! දැන් තියෙන්නේ මරණ සහතිකේ නිකුත් කරන්න…! – හිටපු මැකො..

February 23, 2023 at 11:53 am | by emanisa.lk

ඡන්ද විමසීම කල් ගොස් ඇති අතර දැන් ඇත්තේ මරණ සහතිකය ලෙස ඡන්දය කල් දැම්මා යැයි මැතිවරණ කොමිසම මගින් ගැසට් නිවේදනය නිකුත් කිරීම පමණක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතරු දෙමිනි.

“ඡන්දය කල් දැමීමට හේතු හැටියට කිව්.ආර්. සංකේතය නිසා ඉන්ධන නැහැ. මුදල් නැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා නැහැ, මුදල් ප්‍රශ්නය නිසා පොලිස් නිලධාරීන් දෙන්න බැහැ කියනවා කියලා කොමිසම කියනවා.

එයට අමතරව අත්‍යවශ්‍ය කාරණයකට හැර මුදල් දෙන්න බැරි බව මුදල් අමාත්‍යංශය පවසන බව ද කොමිසම පවසනවා. කොමිසමෙන් බැහැර කාරණයක් නිසා මේක කල් යන්නේ. මේකට වග කියන්න ඕන කව්ද කියන්න මට බැහැ.

ඡන්ද විමසීම කල් ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ මරණ සහතිකය නිකුත් කරනවා වගේ ඡන්දය කල් දැම්මා කියලා කොමිසම ගැසට් නිවේදනය නිකුත් කරන එක විතරයි. මම හිටියා නම් මම බැට් කරන හැටි දන්නවා. නමුත් මම දැන් එළියේ ඉන්නේ. ගහන්න ඕන කොහොමද කියලා ඒ අයට කියන්න මට බැහැ. විකට් එකේ ඉන්න එක්කෙනා දැන ගන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *