ජවිපෙ ගැන මා කළ හෙළිදරව්වෙන් රට ම කැළඹිලා…! – සජිත්…

February 21, 2023 at 8:07 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ තමා කළ හෙළිදරව්ව නිසා රට ම කැළඹීමට පත්ව ඇතැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජවිපෙ ආණ්ඩුවක් යටතේ සියලු නිෂ්පාදන ආර්ථික කටයුතු රජයට යටතේ පමණක් ක්‍රියාත්මක කිරීම සිය ප්‍රතිපත්තිය බව ජවිපෙ සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති බවයි, ඔහු සඳහන් කළේ.

මේ ප්‍රතිපත්තිය අනුව ජනතාවගේ ව්‍යාපාර, ධනය, නිවාස සියල්ල ආණ්ඩුවට පවරා ගන්නා බවත් ඒ අනුව රටකට ඉදිරියට යාමට හැකි දැයි තමා ප්‍රශ්න කරන බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *