IMF ආධාර ලැබුණා ම ආර්ථිකය නිවැරදි දිශාවට හරවනවා..! – සාගල…

February 20, 2023 at 12:07 pm | by emanisa.lk

ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමට පෙර තවත් කටයුතු කිහිපයක් නිම කිරීමට තිබෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි. එම කාර්ය නිම වූ විගස ගිවිසුම අස්සන් කළ හැකි යැයි පැවැසූ හෙතෙම අනතුරුව දේශීය ආර්ථිකයට සැලකිය යුතු මූල්‍ය ප්‍රවාහයක් එකතු වනු ඇතැයි සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අස්සන් කිරීමෙන් පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබා දීමට පියවර ගනු ඇති බව ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා පැවසීය. අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි දිශාවට ගැනීමේ මූලික අඩිතාලම ඇරඹිය හැකි බව ද ඔහු කීවේ ය.

එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින කොළඹ මහ නගර සභාවේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා මාලිගාවත්ත, ඛෙත්තාරාම පාරේ පසුගිය දා (18) පැවැත්වූ මහජන හමුවකට එක්වෙමින් සාගල රත්නායක මේ බව කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *