දේපළ රජයට ගන්නවා කීවේ 1980..! අපි දැන් සමාජවාදීන් නෙමෙයි…! – අනුර…

February 19, 2023 at 5:48 pm | by emanisa.lk

සිය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වූයේ මීට අවුරුදු 43කට පෙර එනම් 1980 දී බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

ජවිපෙ ආණුඩුවක් බලයට පැමිණි විට පෞද්ගලික දේපළ රාජසන්තක කරන බවට සිදු කරන ප්‍රකාශය එම පැරණි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් උපුටා ගෙන ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එකල ශක්තිමත් ප්‍රබල සමාජවාදී කඳවුරක් පැවැති බවත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පදනම් වන්නේ එම දේශපාලන යථාර්ථය මත බව ප්‍රකාශ කරන අනුර දිසානායක අවධාරණය කළේ, මේ වන විට සමාජවාදී කඳවුර බිඳ වැටී වෙනත් දේශපාලන කඳවුරු ගොඩනැඟී ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණ යනු ලෝක දේශපාලන වෙනස්කම් ඉතා හොඳින් තේරුම් අරගෙන ඊට අනුගත විය හැකි නම්‍යශීලී දේශපාලන ව්‍යාපාරයක් බව හෙතෙම පෙන්වා දෙයි.

ඇයි මේ කලබලේ දේශපාලන සංවාදයට එකතු වෙමින් ජවිපෙ නායක අනුර දිසානායක මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *