යලට බන්ඩි පොහොර මිල 50%කින් පහළට…!

February 19, 2023 at 4:11 pm | by emanisa.lk

මෙවර යල කන්නයේ දී බන්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000ක් මෙරටට ආනයනය කළ අතර බන්ඩි පොහොර හොන්ඩරයක මිල රුපියල් 19,500ක් විය.

එවකට පැවැති ලෝක පොහොර මිල අනුව එම තීරණය ගත්ත ද බොහෝ ගොවීන් බන්ඩි පොහොර මිල අධික වීම නිසා ඒවා මිල දී ගත්තේ නැත.

මේ වනවිට එම බන්ඩි පොහොර ‌ තොගයෙන් අලෙවි වී තිබෙන්නේ මෙට්‍රික් ටොන් 3000ක් හෙවත් සමස්ත පොහොර තොගයෙන් සියයට 10කටත් අඩු ප්‍රමාණයකි.

මෙවර ඇතැම් කුඹුරුවල ගොයම් කහ වීමේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ ද බන්ඩි පොහොර නොයෙදීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *