අලුතින් නීති හදලා හරි හිඟ බදු බිලියන 200 අයකර ගන්නවා..! – මුදල් රාජ්‍ය ඇමැති…

February 13, 2023 at 8:14 am | by emanisa.lk

ආදායම් බදු දෙපාර්තුමේන්තුවට අයවීමට ඇති හිඟ ආදායම් බදු බිලියන 200 ඉක්මවූ මුදල, අලුතින් නීතිපනවා හෝ අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

“මේ බිලියන 200 කථාව අපි 2022 ජුලි මාසෙයේ ඉදිරිපත් කරපු වාර්තාවක සඳහන් නොවන කරුණු. ඒක ඉතාම වැදගත්. නමුත් ඒ බිලියන 200යෙන් යම් ප්‍රමාණයක් අයකර ගෙනත් තියෙනවා. ඊට අමතරව ගෙවීම සඳහා සැලසුම් සකස්කරලා එකඟවෙලත් තියෙනවා යම් ප්‍රමාණයක්. සමහර ඒවා අයකරගන්න නොහැකි වෙනවා. උදාහරණයනයක් හිමිකරුවන් මියගිය ඒවා තියෙනවා.

ඉතින් විශේෂයෙන්ම ඒ වාර්තාව සකස්වෙලා තියෙන්නේ, මීය අවුරුදු 30ක විතර අතීතයේ ඉඳලා හිඟ බදු සම්බන්ධයෙන්. ඒකත් එක් වැදගත් කාරණයක්. කොහොම වුණත් මෙවැනි හිඟ හිටි බදු අයකරගැනීම සඳහා අපි මේ වෙනකොට විශේෂ අවධානය යොමුකරලා තිබෙනවා.

මහ භාණ්ඩාගාරය වෙනම ඒ වෙනුවෙන් වෙනම කණ්ඩායමක් පත්කරලා. ඒ වගේම අවශ්‍ය තැන්වලදී අපේ දේශීය ආදායම් බදු ආඥා පනට ගැළපෙන පරිදි යාවත්කාලින කරලා. සංශෝධනය කරලා මෙවැනි බදු මුදල් අයකරගැනීමට අපි කටයුතු කරනවා. නව බදු බරක් ජනතාවට දීමට පෙර මේවා කෙරෙහි අපේ දැඩි අවදානය යොමුවෙලා තියෙනවා.

දැනටමත් යම් කොටසක් ගෙවලා තියෙනවා. යම් කොටසක් ගෙවීම සඳහා එකඟතා ඇති කරගෙන තියෙනවා කාලසටහනක් දීලා. අනිත් ඒවා අයකර ගැනීම සඳහා අවශ්‍ය නම් නීතිය වෙනස් කරලා හෝ වැඩ කරන්න අපි සුදානම්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *