මෙරට සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් 230 සප්ත වාර්ෂික නිවාඩු ලබා සේවයෙන් බැහැර වී සිටින බව විගණන පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
මෙලෙස නිවාඩු ලැබූ අයගෙන් බහුතරය විශ්වවිද්‍යාලයෙන් ද වැටුප් ලබන අතර මෙරට වෙනත් රැකියාවල යෙදී සිටිමින් තවත් වැටුපක් ලබන බව ද අනාවරණය වී ඇත.
සප්ත වාර්ෂික නිවාඩුව ලබන කාලය තුළ මෙම අධ්‍යයනය සේවකයන්ගේ කාර්යභාරය පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු නොවන බව ද විගණන් අංශ පෙන්වා දෙයි.