දයාසිරි ශ්‍රීලනිප මහ ලේකම් පුටුවෙන් දොට්ට…!

February 12, 2023 at 9:12 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය අවසන් වූ වහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පක්ෂයෙන් ඉවත් කෙරෙනු ඇතැයි දැන ගන්නට තිබේ.

දයාසිරි ජයසේකර පක්ෂයේ යහපත නොව සිය පෞද්ගලික යහපත පිළිබඳ සිතා තීන්දු තීරණ ගත් බවට සහ පක්ෂයේ කල්ලිවාදයක් නිර්මාණය කළ බවට චෝදනා එල්ල වී තිබේ.

මේ නිසා පක්ෂයේ අසමගිය වර්ධනය වී කොටස්වලට කැඩී ගිය බවට ද චෝදනා එල්ල වෙයි. ඍජුව දේශපාලනය නොකරන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැනි අයකු නව මහ ලේකම් ධූරයට පත් කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *