අලි-පොහොට්ටු ආණ්ඩුව ගෙදර යවලා රටේ ප්‍රශ්න විසඳනවා…! – සජිත්…

February 10, 2023 at 5:55 am | by emanisa.lk

ජනාධිපතිවරයා තම හීන සැබැ කර ගෙන රාජාසන කතාව කරන විට ගම්වල සිටින ජනතාව දුක්විඳින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රාජාසන කතා කළ පමණින් රටේ ප්‍රශ්න නොවිසඳෙන බවත් මිනිසුන්ගේ දුක නොතේරෙන අලි පොහොට්ටු ආණ්ඩුව ගෙදර ගිය දිනක මේ ප්‍රශ්න විසඳිය හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එක් පැත්තකින් ගෑස් මිල තෙල් මිල ඉහළ යන විට තවත් පැත්තකින් විදුලි බිල වැඩි වීමට නියමිත බැවින් ජනතාවට හානිකර විකෘති ආණ්ඩුව ගෙදර පැන්නීමට එක්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් මහියංගණය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

ගොවි තැනට අවශ්‍ය කෘමිනාශකවල සිට පාසල් සිසුවාට ඉගෙන ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමැති බවත් එසේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක ලෝකෙටම ණය වී පවත්වන නිදහස් දිනයේ ජංගම වැසිකිළි සඳහා ලක්ෂ 142ක මුදලක් වැය කර ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස