රට පුරා හොර බෙහෙත් කඩ දස දහසක්…!

February 7, 2023 at 9:17 am | by emanisa.lk

මෙරට ලියාපදිංචි නොකළ වෛද්‍ය ආයතන දසදහසක් පමණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව අනාවරණය කරයි.

පසුගිය ජනවාරි මස දහතුන්වැනි දින පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව විසින් පැවැත්වූ රැස්විමේදී ලියාපදිංචි නොවූ සියලු පෞද්ගලික වෛද්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.

2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචිය පිළිබඳ පනතෙහි නියමයන් ප්‍රකාරව මෙරට සියලු පෞද්ගලික වෛද්‍ය ආයතනවල සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි කළ යුතුය.

මේ වන විට රට පුරා ලියාපදිංචි වෛද්‍ය මධ්‍යස්ථාන ඇත්තේ 6117ක් පමණි. ලබන විසි අට වැනිදා වන තෙක් ලියාපදිංචි නොකළ වෛද්‍ය මධ්‍යස්ථාන ලියාපදිංචියට කාලය ලබා දී ඇති අතර එසේ නොකරන වෛද්‍ය මධ්‍යස්ථානවලට එරෙහිව ලබන අනතුරුව නඩු පැවරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *