පොහොට්ටුව ජනපති රනිල්ගේ 13ට එරෙහි වෙයි…!

January 29, 2023 at 4:26 pm | by emanisa.lk

පළාත් සභා හඳුන්වා දුන් අවස්ථාවේ සිට කිසිදු ජනාධිපතිවරයෙකු ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභා වෙත ලබා නොදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

මහ ලේකම්වරයා මේ බව පවසා ඇත්තේ, පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්වපාක්ෂික හමුවේ දීය.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක එම බලතල ක්‍රියාත්මක කිරීමට යාම ගැටලුවක් විය හැකි බව පෙන්වා දුන් සාගර කාරියවසම්, එහෙයින් ඒ සඳහා හදිසි විය යුතු නැතැයි අවධාරණය කොට තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 13 බලාත්මක කොට ඉඩම් පොලිස් බලතල ලබා දීම පිළිබඳ ඇත්තේ වෙනස් මතයක් බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *