GoHomeGota හෑෂ් ටැග් එක මගේ…! – පැතුම් කර්නර්…

January 25, 2023 at 11:12 am | by emanisa.lk

GoHomeGota හෑෂ් ටැග් එක හැදුවේ රාජපක්ෂ පුතෙකු බවට දිලිත් ජයවීර සිදු කළ ප්‍රකාශයෙහි කිසිදු සත්‍යයතාවක් නොමැති බව පැතුම් කර්නර් පවසයි.

අභ්‍යවකාශ තරණය, ගීත ගායනය, ක්‍රිකට්, රගර්, කොරෝනා පාලනය ආදී සියල්ල කළ හැක්කේ රාජපක්ෂ පුතුන්ට යැයි සමහරු සිතා සිටින බව ද ඔහු සඳහන් කළේය.

GoHomeGota හෑෂ් ටැග් එක හදා ගෙන රාජපක්ෂ පුත්තුන්ට අන්තිමට අරලියගහ මන්දිරේ අතහැර තිරිකුණාමලේ මුහුදේ සැඟවෙන්නට සිදුවන තැනට කටයුතු කර ගත්තේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

එම හෑෂ් ටැග් එක තමන්ගේ නිර්මාණයක් බවත් ජනතාව අනතුරුව එය වැළඳගත් බවත් පැතුම් කර්නර් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *