කොළඹට දෙහිවල – ගල්කිස්සට සහ කොළොන්නාවට පොහොට්ටුව නෑ..!

January 22, 2023 at 9:22 am | by emanisa.lk

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර දීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත ලබා දී තිබූ කාලය ඊයේ (21) අවසන් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහ නගර සභාවට, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට සහ කොළොන්නාව නගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබුණ ද නාම යෝජනා ඉදිරිපත් කර තිබුණේ නැත.

එම පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ පළාත් පාලන ආයතන 254ක් සඳහා පොහොට්ටුව තනිව තරඟ වදින අතර සෙසු ආයතන සඳහා තවත් පක්ෂ සමග එකතු වී තරඟ කරන බවය.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික්ක රැසකට භාරදුන් නාමයෝජනා පත්‍රවල ගැටලු පවතින බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *