පුංචි ඡන්දයෙන් රාජපක්ෂලා පරදන්න සියලු පක්ෂ කටයුතු කළ යුතුයි…! – පාඨලී…

January 18, 2023 at 7:48 pm | by emanisa.lk

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී දුෂිත රාජපක්ෂවරුන්ගේ බලය සියයට 10 දක්වා අඩු කිරීමට සියලු දේශපාලන පක්ෂ වගබලා ගතයුතු යැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මෙම මැතිවරණයෙන් පසු රටේ නව දේශපාලන පරිවර්තනයක් ඇති කරන දේශපාලන ව්‍යාපාරයක් කරළියට ගෙන එන බව ද හෙතෙම කීවේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී පස්, කළුගල්, වැලි මත බලය රඳවාගෙන සිටින දුෂිත ව්‍යාපාර කල්ලිය පලවා හැරීම මෙන්ම මධ්‍යම රජය මත යැපෙන පළාත් ආයතන ස්වයං ශක්තියෙන් නැගී සිටින ආයතන බවට පත්කිරීමත් අරමුණු කරගත යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පළාත් පාලන ආයතනවලට තව දුරටත් අයවැයේ මුදල් ලබාදීමේ හැකියාවක් නැති නිසා, තමන්ගේම ආදායම්වලින් ජනතාවට සේවය කරන තැනක් බවට ඒවා පරිවර්තනය විය යුතු බව ද මන්ත්‍රීවරයා කීවේය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික මේ බව පැවසුවේ 43 සේනාංකය මගින් කොළඹ දී අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *