විනාශය කරා ගිය ආර්ථිකය පාලනය කළා..! 100% පනින්න ගිය උද්ධමනය දැන් 57%යි…! – මහ බැංකු අධිපති…

January 18, 2023 at 10:29 am | by emanisa.lk

විනාශයට ගමන් කළ රටේ ආර්ථිකය පාලනය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

කෙසේ වුව ද ඔහු පවසන්නේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතිය ද අර්බුදකාරි සහ අවදානම් සහගත තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බවය.

ලෝකය ජයගත හැක්කේ තරඟකාරී ආර්ථික ක්‍රමය ඔස්සේ ජාත්‍යන්තරය හා තරඟ කොට බව පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා, භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම පාලනය කළ හැක්කේ උද්ධමනය පාලනය ඔස්සේ බව ද ප්‍රකාශ කළේය.

100% ඉක්මවා යාමේ දිශාවට ගමන් කළ 70%ක්ව පැවැති උද්ධමනය මේ වන විට 57% දක්වා පහත දැමීමට හැකිව ඇතැයි ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේය.

ඒකාබද්ධව සජීවී මාධ්‍ය හමුවකට එකතු වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *