විදුලි බිල ජන. 01දා සිට වැඩි කරන්න බෑ..! මාස එකහමාරකින් පුළුවන්..! – PUCSL සභාපති…

January 10, 2023 at 3:20 pm | by emanisa.lk

කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනය අතීතයට බලපාන ලෙස සිදුකළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කර සිටියේ, විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනාවට තමාට ලැබුණේ ඊයේ (09) දිනයේ දී බවය.

ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ගයන් සිදුකිරීමට දින 45ක පමණ කාලයක් ගතවන බව ද හෙතෙම පැවසීය.

විදුලි බිල සංශෝධනය 2023 ජනවාරි 01 වන දා සිට ක්‍රියාත්මක විය යුතු බව කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *