ඡන්දෙට ගියොත් වී ටික ගන්නත් සල්ලි නැති වෙයි..! – මහ බැංකුව….

January 4, 2023 at 8:24 am | by emanisa.lk

මෙම වසරේ හදිසි මැතිවරණයකට ගියහොත් ඉදිරි මහ කන්නයේ දී වී මිල දී ගැනීමට පවා ආණ්ඩුවට මුදල් නැති වී යනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

වී මිලදී ගැනීමට නොහැකි වුවහොත් යළිත් සහල් වෙළෙද පොල කඩා වැටීමේ අවදානමක් පවතින බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙි තත්ත්වය යටතේ පෞද්ගලික අංශය පමණක් වී මිල දී ගතහොත් වී මිල ශීඝ්‍රයෙන් පහළ ගොස් වී ගොවියා අන්ත අසරණ තත්ත්වයකට පත්වනු ඇති බවට ද අනතුරු අඟවයි.

යල කන්නයේද හොඳ සහල් අස්වැන්නක් ලැබීම නිසා මහ කන්නයේ දී වී අස්වැන්න ඉහළ යා හැකි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකතනය කර තිබේ.

මෙවැනි තත්ත්වයක් යටතේ රජයට වී වෙනුවෙන් සහතික මිලක් නියම කොට වී මිලදී ගැනීමට නොහැකි වුවහොත් වී වෙළෙඳපොළ කඩා වැටෙනු ඇතැයි ද එයින් සහල් ඒකාධිකාරයක් නිර්මාණය වීම නිසා සහල් මිල ද ඉහළ යාමේ අවධානමක් පවතින බව ද මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *