අරගලේ පිටුපස හිටියේ RAW CIA ඩයස්පෝරාව..! නායකත්වය දුන්නේ Born Again ඇමරිකානු තානාපතිනිය….! – ඇල්ලේ ගුණවංශ හිමි…

January 3, 2023 at 11:42 am | by emanisa.lk

ගාලු මුවදොර අරගලය යනු පීඩනයෙන් සිටි ජනතාවට ගඟට බැසීමට කැපූ තොටුපළක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

මෙම අරගලයට අවංක පිරිසක් ද එකතු වුව ද ඒ පිටුපස සිටියේ ඉන්දීය RAW, ඇමරිකානු CIA ඔත්තු සේවා, කොටි ඩයස්පෝරාව සහ Born Again ආගමික කල්ලිය බවයි, උන් වහන්සේ අනාවරණය කළේ.

අරගලයට නායකත්වය ලබා දුන්නේ ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් බවත් කොරියානු සම්භවයක් සහිත ඈ Born Again කල්ලියේ සාමාජිකාවක බවත් ඇල්ලේ හිමි අනාවරණය කරයි.

භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් අරගලයට එකතු වන ලෙස තමන්ට ආරාධනා කළ ද තමා එය ප්‍රතික්ෂේප කළේ ඒ නිසා බව ද ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩි දුරටත් සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *