මේ අවුරුද්දේ සමගි ජන බලවේග ආණ්ඩුවක් ස්ථිරයි..! – කිරිඇල්ල…

January 2, 2023 at 5:11 pm | by emanisa.lk

මේ වසරේ දී සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවීම ස්ථිර බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මේ වන විට ආණ්ඩුව නන්නත්තාර වී ඇති අතර අපේක්ෂකයින් තබා ඡන්ද පොළ නියෝජිතයින් සොයා ගැනීම ද ආණ්ඩුවට ගැටලුවක් වී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

මැතිවරණය දී ආණ්ඩුව හේදී යන බවත් සිය ජයග්‍රහණය නියත බවත් හිටපු ඇමැතිවරයා අවධාරණය කළේය.

විදුලි බිල වැඩි කිරීම ආණ්ඩුව සිය දිවි නසා ගැනීමක් බවත් මහින්ද විදුලි පුටුවට යැවූ බව කිව්ව ද අවසානයේ ආණ්ඩුව විසින් ජනතා විදුලි පුටුවට ඇර ඇති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

යහපාලන ආණ්ඩුව යටතේ ඉතා හොඳින් කා බී සිටි ජනතාව පොහොට්ටුවට කතිරය ගසා දැන් දහදුක් විඳින බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *