මැති ඇමැතිවරුන් 60න් පැන්ෂන් යවන නීතියක් නෑ…! – කතානායක…

December 31, 2022 at 8:58 am | by emanisa.lk

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් අවුරුදු 60 න් පසු විශ්‍රාම යැවීමට ක්‍රියාකළ යුතුව ඇත්තේ ව්‍යවස්ථාව අනුව යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

රාජ්‍ය සේවකයන් අවුරුදු 60 න් විශ්‍රාම යවන්නේ නම් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට එම නීතිය බලපාන්නේ නැද්දැයි මාධ්‍ය ඇසූ පැනයට පිළිතුරු දෙමින් කථානායකවරයා එසේ සඳහන් කළේය.

ව්‍යවස්ථාව අනුව මෙම තීරණය එළඹුණොත් ඉන් බැහැරවීමට පෞද්ගලිකව තමාට අදහසක් නැතැයිද ඔහු සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *