අලි රෑනකට ආණ්ඩුකාර තනතුරු..!

December 28, 2022 at 10:07 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම්ට ආණ්ඩුකාර ධූරයක් ලබා දීමට නියමිත බව වාර්තා වෙයි.

ජනවාරි මාසයේ අග පමණ සිදු කිරීමට නියමිත පළාත් ආණ්ඩුකාර මාරුවක දී මෙම පත්වීම ලැබෙනු ඇති බවද දැන ගන්නට තිබේ.

ඒ සමගම පාලිත රංගේ බණ්ඩාර, නවීන් දිසානායක, ජෝන් අමරතුංගට ද ආණ්ඩුකාර තනතුරු ලැබෙනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටී.

එජාප සභාපති වජිර අබේවර්ධනට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් සමග හිස් වූ මන්ත්‍රී අසුන ලැබිණි.

දැනට සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ ආණ්ඩුකාරවරුන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *