විදුලි ගාස්තුව 65%කින් ඉහළට..! ඒකකයක් රු. 48යි….!

December 27, 2022 at 7:07 pm | by emanisa.lk

ජනවාරි සිට දළ වශයෙන් 60%-65%ත් අතර ප්‍රතිශතයකින් විදුලි බිල ඉහළ යනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යධිකාරී රොහාන් සෙනෙවිරත්න අද (27) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

“විදුලි බිල සංශෝධනය අපේ අමාත්‍යංශය මගින් තමයි කරන්නේ. අවම ගාණ ඒක එක එක විධියට තියෙනවා.

එක එක යුනිට්ස්වල වෙනසක් තියෙනවා. ඒකකටක් 48.42ක් තමයි දළ වශයෙන් එන්නේ. දැනට 29.14ක් වගේ තමයි හම්බ වෙන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ 48.42ක්.”

ඔහු සඳහන් කළේ, පූජනීය ස්ථාන සඳහා ද අය කෙරෙන විදුලි ගාස්තුවේ යම් වැඩිවීමක් සිදු වන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *