අඩු මිලට ගල් අඟුරු දෙන්න පාඨලී ආවේ නෑ…! – විදුලි ලේකම්…

December 23, 2022 at 5:36 pm | by emanisa.lk

ගල් අඟුරු අඩු මිලට ලබාගත හැකි බව පසුගිය දිනවල ප්‍රකාශ කළ කිසිවකු මේ වන තෙක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් වී නැතැයි අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ පවසයි.

නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබාගැනීම සඳහා 2022 වසරට අදාළ ටෙන්ඩර් කැඳවා රුසියන් සමාගමක් තෝරා ගත් බවත් එම සමාගම ගල් අඟුරු සපයා මාස හයකට පසු මුදල් ලබා ගැනීමට එකඟ වී සිටි බවත් ඔහු කීය.

දැනට මිල දී ගනු ලබන්නේ 2021 ටෙන්ඩරයට අදාළව බවද ඔහු පැවසීය. අමාත්‍යංශය මිලට ගැනීමට සූදානම් වන මිලට වඩා අඩු මිලට ගල් අඟුරු මිලට ගත හැකි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙයට පෙර ප්‍රකාශ කොට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *