අවුරුදු ගාණකින් ගාලු වරායට නැවක් නෑ..! සේවකයින් සිය ගාණක් නැව් රාජකාරි අතීකාල සේවයේ..! මිලියන ගාණක වැටුප් දීමනා බෙදයි..!

December 22, 2022 at 2:05 pm | by emanisa.lk

ගාල්ල වරායට වසර කිහිපයකින් නෞකාවක් නොපැමිණය ද නෞකා සම්බන්ධයෙන් රාජකාරි කරන බව පවසමින් එම වරාය යටතේ සේවකයන් සියයකට ආසන්න සංඛ්‍යාවක් වැටුප් සහ අතිකාල දීමනා ලෙස රුපියල් මිලියන ගණනක් ලබන බව වාර්තා වෙයි.

එම වරායේ උසස් නිලධාරියෙක් පෙන්වා දෙන්නේ මෙම සේවකයන් පිරිසට වැටුප් සහ අතිකාල දීමනා ලෙස මසකට රුපියල් මිලියන ගණනක මුදලක් නිකරුනේ ගෙවීමට වරාය අධිකාරියට සිදුවී ඇති බවයි.

අදාළ සේවකයන් පිරිස කණ්ඩායම් දෙකක් ලෙස සේවයට වාර්තා කර අතිකාල දීමනා ද ලබන බවත් එම වරායේ සිසු සේවකයන් පැමිණීම සටහන් කිරීමට ඇඟිලි සලකුණ යෙදුව ද මෙම සේවකයන් පිරිස පැමිණීමේ පොතක අත්සන යෙදීම පමණක් කරන බව ද එම නිලධාරියා අනාවරණය කරයි.

මෙම සේවකයන් පිරිසෙන් ඇතැමෙක් වරාය තුළ සුළු සුළු රාජකාරි කර කාලය ගතකර අතිකාල ද අනුමත කරගෙන පිටව යන බවත් තවත් සේවකයන් පිරිසක් පැමිණීමේ ලේඛනය අත්සන යොදා නිවෙස් බලා පිටව යන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මෙම සේවකයන්ට ගෙවනු ලබන වැටුප සහ අතිකාල දීමනාවට සමාන සේවයක් ලබා ගැනීම සඳහා ඔවුන් වෙනත් වරායන්ට මාරු කිරීමට උත්සාහ කළ ද ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයකුගේ මැදිහත් වීම නිසා එම උත්සාහය අසාර්ථක වී ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස