පොහොට්ටුවෙන් පිට ඡන්දයක් දෙන්නෑ කියා අදත් රට ම කියනවා..! – එස්.එම්. චන්ද්‍රසේන….

December 21, 2022 at 10:44 am | by emanisa.lk

එළඹෙන මැතිවරණයේදී ද සියලු ම දේශපාලන පක්ෂ අභිබවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිය ගන්නා බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන සඳහන් කරයි.

මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුතු පොදුජන පෙරමුණෙන් පිට කිසිවෙකුට ඡන්දයක් ලබා නොදෙන බව අදට ද ගමේ පාක්ෂිකයන් පවසන බව ද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

අද ඇතැමුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වයස නිසා ‘මයිනා’ යැයි කියුව ද රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම හිටපු කියුබා ජනාධිපතිවරයකු පිදෙල් කස්ත්‍රෝ ද වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයන් බවයි, එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *