මගීන් 20%ක් දුම්රියේ යන්නේ හොරෙන්…!

December 18, 2022 at 6:42 am | by emanisa.lk

ප‍්‍රවේශපත‍්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ දෛනිකව ගමන් ගන්නා මගීන් සංඛ්‍යාවෙන් සියයට 20 ක් පමණ ප‍්‍රවේශ පත‍්‍ර ලබා නොගනිමින් ගමන් කරන බවයි.

මෙලෙස ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිව ගමන් ගන්නා මගීන් අත්අඩංගුවට ගැනීමට වැටලීම් පුළුල් කර ඇති බව දුම්රිය ආරක්ෂක අංශ සඳහන් කරයි.

සැප්තැම්බර් සිට මේ දක්වා කළ වැටලීම්වලින් පමණක් ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිව දුම්රියේ ගමන්ගත් මගීන් 301 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් අයකර ගෙන ඇති දඩ මුදල රුපියල් 9 ලක්ෂ 31,000 කට අධිකය.

ප‍්‍රධාන දුම්රිය ස්ථාන ආශ‍්‍රිතව මෙම වැටලීම් අඛණ්ඩව ක‍්‍රියාත්මක බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *