ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බෝල දෙක පිළිබඳ තමා කළ කතාව ඇතැමුන්ට ගැටලුවක් වී ඇතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අවධාරණය කළේ, කාට එය ගැටලුවක් වුව ද තමා අදත් හෙටත් රනිල්ගේ බෝල දෙක ගැන කතා කරන බවයි.
කවුරු තමන්ට කැමති වුව ද අකමැති වුව ද තමන්ගේ විදිහ කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන බව ද ඇය සඳහන් කළාය.
තමන් ගෝඨාභයගේ නිවස ඉදිරියට ගොස් ගෙදර පළයන් කියා කෑ ගසන විට හුරේ දැමූ අයට රනිල් නිවස ඉදිරියට ගිය විටත් ඔහුගේ බෝල දෙක ගැන කතා කරන විටත් එරෙහි වන්නේ රාජපක්ෂලා බෙලිඅත්තේ මිනිස්සු වීම සහ රනිල් කොළඹ 07 රදළයින් වීම නිසා යැයි ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කළාය.
ඊයේ (16) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ බව පැවසීය.