නව සීමා නිර්ණනය යටතේ ඡන්දේ මාස 06ක් කල් යනවා…! – හිටපු මැ.කො.

December 15, 2022 at 8:04 pm | by emanisa.lk

මැතිවරණ කොමිසම වර්තමාන සීමා නිර්ණනය යටතේ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව ප්‍රකාශ කොට ඇතැයි හිටපු මැතිවරණ කොමිසම් සභා සභාපති, සීමා නිර්ණන කමිටු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

එලෙස මැතිවරණය පවත්වන්නේ නම් සීමා නිර්ණන කටයුතු මදක් ප්‍රමාද කොට සිදුකළ හැකි බව ද හෙතෙම කීය.

පළාත් පාලන ආයතන සභිකයින් ප්‍රමාණය 8000 සිට 4000 දක්වා අඩු කිරීමට මේ වන විට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි, ඔහු සඳහන් කළේ.

ඇතැම් කොට්ඨාශ සඳහා පවතින නියෝජනය ද ප්‍රමාණවත් නැතැයි ප්‍රකාශ වී ඇති බවත් නව සීමා නිර්ණනය යටතේ මැතිවරණ පවත්වන්නේ නම් මාස 06කින් පමණ මැතිවරණය කල් යනු ඇති බවත් මහින්ද දේශප්‍රිය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *