කරන්ට් කපන තුරු ඡන්ද එපා…! – පොහොට්ටු ලේකම්…

December 15, 2022 at 4:17 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන පළාත් පාලන නියෝජිතයන් ඡන්දයට සූදානම් බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥා සාගර කාරියවසම් පවසයි.

එම ඡන්දය ජනතාව අපහසුතාවට පත්වන දේවල් නොවන අවස්ථාවක පැවැත්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවසූවේ යැයි මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ගමට වැඩ කර තිබීම නිසා ඡන්දයකදී ජනතාව ඉදිරියට යෑමට කිසිදු බයක් නොමැති බවත් ඡන්ය සූදානම් කර තිබිය දී විදුලි කප්පාදුවක්, ඉන්ධන හිඟයක් හෝ ආහාර හිඟයක් පැවතිය හොත් ජනතාව ඒවා පිළිබඳව අවධානය යොමු කර තීන්දු ගැනීම වැළැක්විය නොහැකි නිසා ඡන්දයකට සුදුසු වාතාවරණයක් සකස් කරන ලෙස ඉල්ලා සිටි බවත් සාගර කාරියවසම් කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවැති විශේෂ සාකච්ඡාව පිළිබඳව කළ විමසුමකදී එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *